සුදේශ් කරුණාතිලක 'ඇසි දිසි' සාර සංග්‍රහය
Sunday, April 24, 2016
Friday, October 5, 2012
මගේ ආදරණීය තාත්තා
අද ඔක්තෝබර් 05 වෙනිදා.
තාත්තාගේ උපන් දිනය.
ඈත දුරු රටක ඉඳන් උදේ පාන්දරම තාත්තාට සුභ පැතුවට හිතට හරි නැහැ.
අද දවසේ වත් එතුමා ළඟ ඉන්න තිබුණා කියා හිතුනා.
පොරොන්දුව සහ ප්‍රාර්ථනය ලබන අවුරුද්දේ තාත්තාගේ උපන් දිනය දා එතුමා එක්කම ගත කරන්නයි.
අනිත් තාත්තලා වගේ ජීවිතේ කිසිම දවසක අපේ තාත්තා උපන් දින උත්සව පවත්වනවා අපි දැකලා නැහැ.
තාත්තා කිසිදාක මත්පැන්, සිගරට් නොබීපු හින්දා, මස් මාංශ අනුභවයෙන් තොර හින්දා අපේ ගෙදර කන බොන පාටි කවදාවත් තිබිලා නැහැ.

ඒ නිසා එතුමාගෙ හැම උපන් දිනයක් ම ගෙවිල ගියේ සාමාන්‍ය දවසක් විදිහටම තමයි.
අම්මා උදේ රැයින් උයන කිරිබතින්, පන්සලට දවලට දෙන සාංඝික දානයෙන් ඒ හැම උපන් දිනයක්ම සරලව ගෙවුනා.
අපේ තාත්තා හරිම සුන්දර අපූරු මනුස්සයෙක්. මගේ පුංචි කාලේ එතුමාගේ යාළු මිත්‍රයෝ මගේ ලෝකෙත් වීරයින් වෙලා හිටියා.
කරුණාරත්න අබේසේකරයන්, මට අත් පොත් තැබූ සිරිල් ඒ. සීලවිමලයන්, මිල්ටන් පෙරේරා, ධර්මදාස වල්පොල, එච්. ආර්. ජෝතිපාල, හරූන් ලන්ත්‍රා, සුමිත් අහංගම, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ෂෙල්ටන් ප්‍රේමරත්න, ඇලෝයි ගුණවර්ධන, ත්‍යාගා එන්. එඩ්වඩ් ආදී එදවස කලා කෙත පෝෂණය කළ දැවැන්තයින් සමඟ එතුමා තිබූ සමීප ඇසුර පුංචි මට ගෙන දුන්නේ විචිත්‍ර අත්දැකීම් රැසක්.
මිල්ටන් අංකල්ගේ, වල්පොල අංකල් ගේ ගීත නිතරම මිමිණූ තාත්තාට තිබුණේ හරිම මධුර කටහඬක්. එතුමා නිසාමයි මමත් මිල්ටන් අංකල් ගේ ගී වලටම ප්‍රිය කළේත්.
මිල්ටන් අංකල් සහ ප්‍රියංකරගේ මෑණියන් මාලා ඇන්ටී එක්ක පාසලේ එකම පන්තියක අකුරු කළ මගේ අම්මයි තාත්තා දෙන්නාත් ජීවිතේ එකට ඉන්න සපථ කරගත් කතා පුවතත් අහගෙන ඉන්න කොට හරිම ආදරණීයයි.
ජීවිතේ කිසිදාක මට වත් නංගිලා දෙන්නාට වත් නියපිටින් පහරක් ගහල නැති අපේ තාත්තා අසල්වැසියෙකුට ඇහෙන්න කවදාක වත් ශබ්ද නගලා කතා කරලා නැහැ.
මේ සොඳුරු ගති ගුණ තාත්තාගෙන් දරුවන් වූ අපි කාටත් පිහිටලා නැහැ.

මම හැම දාම ප්‍රාර්ථනා කළේ තාත්තා වාගේ වෙන්න.
ඒ වුනත් මට තාම බැරි වුනෙත් ඒ දේ කර ගන්නම තමයි.
හිතට ගොඩක් කණගාටුවක් දැනෙනවා තාත්තාගේ එකම පුතාට තාත්තා වගේ අහිංසක සොඳුරු මිනිසෙක් වෙන්න බැරි වීම ගැන.
රටක් රාජ්‍යයක් තරම් වටින මගේ තාත්තා වෙනුවෙන් ලියූ මේ කෙටි සටහන අවසන් කරන්නේ තාත්තා වෙනුවෙන් මා ලියූ, ජගත් වික්‍රමසිංහ තනු නිර්මාණය කළ තුෂාර කුරුවිටගේ සංගීත අධ්‍යකෂණය කළ මේ ගීතය රසවිඳින්න එකතු වෙන්න කියා ඔබට ආරාධනය කරමින්.
පසුගියදා අපි පටිගත කළ සහරාවේ තරු වැඩසටහනේ ප්‍රචාරය කරන්නට ඉතා කෙටි කාලාන්තරයක් තුළ අපි මේ ගීතය පට්ගත කොට රූප රචනා කළා.
පහත දක්වා තිබෙන ගීතයේ යූ ටියුබ් ලින්කුව ක්ලික් කොට ගීතය රස විඳින්න. ඔබේ අදහස් අපට ලියා එවන්න.
http://www.youtube.com/watch?v=ZBN_mm7s19w&feature=plcp
මේ ගීතය මගේ තාත්තාට පමණක් නෙවී. ඔබෙ ආදරණීය තාත්තාට වගේම, මේ ලෝකේ ඉන්න සුවහසක් තාත්තලා වෙනුවෙනුයි.
ඔබට ආදරණීය හෙට දවසක්...!
ආදරයත් සමඟ,
සුදේශ් කරුණාතිලක ~
Sunday, May 13, 2012
දොහොත් මුදුන් තබා මෙන්න - වඳිමි මව්නි පව් අරින්න
----------------------------------------------
අද, 2012 මැයි 13 වන ඉරිදා ලෝක අම්මාවරුන්ගේ දිනයයි.
ලෝක ලමා දිනය, ලෝක කම්කරු දිනය ආදී වශයෙන් සම්මතව තිබෙන දින අතරට වසරේ සෑම මැයි මාසයකම දෙවෙනි සතියේ ඉරිදා වෙන් කොට තිබෙන්නේ ලෝක අම්මාවරුන්ගේ දිනය හැටියටයි.
ශ්‍රී ලාංකික අපිට නම් හැම දවසක් ම අම්මාවරුන්ගේ පියවරුන්ගේ දින තමයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දේශණා වල සඳහන් වන්නේ ගෙදර බුදුන් අම්මා කියලයි.
අම්මා කෙනෙක් දරුවෙක් හදන්නට පටන් ගන්නේ දරුවා ඉපදෙන්නට මාස ගණනකටත් කළින්.

දරුවෙකු පිළිසිඳ ගත් බව දැනගත් මොහොතේ පටන් ඇගේ පෞද්ගලිකත්වය නැතිවෙනවා. ඇය උපදින්නට සිටින දරුවාටම කැප වෙන පොදු වස්තුවක් බවට පත් වෙනවා.
කන කෑමක, බොන බීමක මෙන්ම ඇගේ ඇවතුම් පැවතුම් පවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
පෙරසේ නිදහසේ නිදන්නට පවා ඇයට ඉඩක් ලැබෙන්නේ නැහැ.
දරුවෙක් උපදින්නට පෙර ඉඳන්ම දුක් විඳින්නට පුරුදු වෙන ඇය, ලොව ජීවියෙකුට දරන්නට තියෙන ඉහලම වේදනාව වන ප්‍රසූත වේදනාවෙන් සැනසුම් සුසුම් හෙළන්නේ ඇගේ කුසින් මෙළොවට බිහිවුනු කිරි කැටියා සුන්දර මුහුණ දැක්කට පස්සේ.
එදා ඉඳන් ඒ නොදරු කිරි කැටියා ළදරුවෙක් වෙන තුරු, ළදරුවා දරුවෙක් වෙනතුරු, දරුවා යව්වනයෙක් වෙනතුරු, ඉන්පස්සේ ආවාහ විවාහ වනතුරු, ඊටත් පස්සේ දරුවන්ගේ දරුවනුත් ලොකු මහත් කරන තුරු අපේ අම්මාවරුන්ගේ දුක් විඳීම නවතින්නේ නැහැ.
මේක හරියට සංසාර චක්කරේ වගේ.
මෙහෙම දුක් විඳින අම්මා වරුන් වෙනුවෙන් වසරකට එක් දවසක් පමණක් වෙන්කිරීම බටහිර සංස්කෘතික සිරිත් අනුගමනය කරන අයට විශේෂයක් වුනාට අපට නම් පේන්නේ අම්මා වරුන්ට කරන මහා ලොකු අපහාසයක් හැටියටයි.
කොහොම වුනත් අම්මා තාත්තා අමතක කරලා ජීවත් වෙන දූ පුතුන්ට අද ලෝක අම්මාවරුන්ගේ දිනය දවසේ වත් ඇස් ඇරේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අනාගතේ තමන්ගේ දරුවන්ගෙන් ගරු සැලකිළි ලබා ගන්න පෙරුම් පුරන අය තමන්ගේ අම්මා තාත්තාට හරියට සලකනවද, බලාගන්නවද කියලා හිතල බලන්නට හොඳම දවසයි අද.
සමහර විටෙක මහ ලොකු භෞතික සැප සම්පත් වලට වඩා දෙම්ව්පියන්ට ඔබ කරුණාවෙන් කතා කරන එක වචනයක් වුනත් සෑහෙනවා.
ජීවිතේ අතරමඟදී අහම්බෙන් හමුවෙච්ච, ඔබ ආදරේ කරන අයට දක්වන ආදරය, කරුණාව, සැලකිළි වලින් බිඳක් තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් දක්වන්න පුතෙකුට හැකිනම් ඔහු රජෙක් තමයි.
ආදර වන්තිය, බිරිඳ ඉස්සරහ දණ ගහන සමහර පුත්තු තමන්ගේ අම්ම ඉස්සරහ හැසිරෙන්නේ හරියට නරුමයින් වගේ. එවැනි පුත්තුන්ට යන්න නම් අපායේ වෙනම නරකාදියක් තියෙන්නටම ඕනේ.
ජායාරූපයේ ඉන්නේ මගේ අම්මා. මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා. අදටත් මා වෙනුවෙන් වෙහෙසෙන, මගේ දුකේදී දුක් වෙන, මගේ සැපේදී මා හා සතුටු වෙන අම්මා.
ඇය ගැන වගේම, මේ ලෝකයේ සුවහසක් මව්වරු පියවරු ගැන ලියන්නට පිටු කීයක් ලියන්නද පෙළ ගසන්නද.
පුංචි කාලේ අම්මට වඳින ගාථාව කියල වැඳලා, පස්ස උඩ දාගෙන කියපු මේ ලස්සන කවි පද දෙකෙන් මට කියන්නට ඇවැසි දේ කෙටියෙන් කියා මේ සටහන නිමා කරනවා..
ආදරණීය අම්මේ, සංසාරේ කවදාකවත් ඔබට ඇති ණය ගෙවා නිම කරන්නට මට ඉඩක් ලැබෙන එකක් නැහැ.
ඔබ ජීවිතය නොදෙන්නට මම තවමත් ගන්දබ්බයෙක් නොවෙද..?
ඔබේ ආදරය, සෙනෙහස නොවන්නට මම කියලා කෙනෙක් කොහෙද..?
ඔබට නිදුක් නීරෝගී සම්පත් සමඟ දිගාසිරි වේවා..!
සංසාරේ කවදාක හෝ ඔබට බුදුන් දකින්නට පින් පිරේවා...!

"දිනේ පටන් මා උපන්න - මව් විඳි දුක් බැරි කියන්න.
දොහොත් මුදුන් තබා මෙන්න - වඳිමි මව්නි පව් අරින්න
අඬන කලට මා නලවා -ආදරයෙන් නිදි කෙරුවා
කැත කුණු මගෙ අත ගෑවා - මව්තුමි ඔබ බුදුවේවා.."
~~ සුදේශ් කරුණාතිලක ~~
(2012 මැයි 13 වෙනි ඉරිදා)
Monday, April 30, 2012
මගේ ළමා ලෝකයට මහා වීරයෙකු වූ උතුම් මිනිසෙකු පිළිබඳ සටහනක්..!!
එදවස මම එතුමාට බොහෝ සේ ඇළුම් කළෙමි.
ආදරය කළෙමි.
අද අප වයසින් මුහුකුරා ගියද, එතුමා මෙළොවින් සමු ගත්තද එතුමාට අප හිතේ ඇතිවූ ඒ සෙනෙහස ගෞරවය තවමත් මගේ හිත පුරා රැඳී ඇත.
77 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බළයක් සහිත විශිෂ්ඨ ජයග්‍රහණයක් සනිටුහන් කරද්දී, මැද කොළඹ අපි ඒ ජයග්‍රහණයේ කොඳු නාරටිය වී සිටියෙමු.
මැද කොළඹ සමහර රැස්වීම් වල ජනතාව ඇමතූ කුඩාම කථිකයා මා වෙන්නට ඇත. ආමර් වීදිය මංසන්දියේ පැවති එක රැස්වීමකදී එතුමා මා ඔඩොක්කුවෙහි හින්දුවාගෙන මා පිළිබඳව විස්තර අසා සිටි දවස අදටත් හීනයක් වගේ මට මතකයි.
ඒ අපේ මුල්ම හමුවීමයි.
ආයෙත් දවසක එතුමා මට හමුවූයේ අප ධර්ම පරායණ දහම් පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයේදීයි.
විවිධ විෂයන් සඳහා ත්‍යාග සහ සහතික පත් කීපයක් ලබා ගන්නට විටින් විට වේදිකාවට ගොඩවූ මා එතුමා ඇස ගැසෙන්නට ඇත. හොඳම කථිකයා ලෙස සම්මාන ලැබුවේ එතුමාගේම අතින්මයි.
'විජේසිරි ගේ අයියාගේ පුතා නේද.. මට මතකයි'
එතුමා සහතිකය ප්‍රධානය කරමින් පැවසුවේ සුපුරුදු ලෙන්ගතු කමින්මයි.
තාත්තාගේ මළණුවන් එදවස කොළඹ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරේ හිටි කාළයයි. විජේසිරි බාප්පා එතුමාට මා ගැන කියන්නට ඇත.
ඉන් දින කීපයකට පසු අගමැති තුමාගෙන් පණිවිඩයකි. සුචරිත නිදහස් පාසලට පැමිණෙන්න, සුචරිත ව්‍යාපාරයට එක්වන්න.
පණිවිඩයත් සමඟ ලැබුණු උත්තේජනයෙන් වික්ෂිප්තව පසුදාම එහි ගියෙමි. එය අපූරු සංවිධානයකි. ප්‍රේමදාස අගමැතිතුමාගේ මඟ පෙන්වීමෙන් පවත්වාගෙන යනු ලැබූ ඉතාම වටිනා අධ්‍යාපනික හා සමාජමය කේන්ද්‍රස්ථානයකි.
පාසලේ අධ්‍යාපන කටයුතු නිසා දිගින් දිගටම එක්ව සිටින්නට නොහැකි වුනත් සුචරිත ව්‍යාපාරය හා එක්ව කටයුතු කළ කාළය හරිම සුන්දරයි.
හැමෝටම හොරෙන් සුචරිත ශාලාවේ උඩුමහලේ අගමැති තුමා නිතරම වාඩි වී සිටි එතුමාගේ ආසනයක මමත් සිදතුත්, මොහොතක් වාඩි වී අගමැති සිහින මවපු දවස නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ.
පඬුවස්නුවර, අනුරාධපුර, ගම් උදා සංවත්සර සඳහා සුචරිත කණ්ඩායම සමඟ එක්වූ අවස්ථාවලදී එතුමා අපට දැක්වූ සැලැකිළි හරිම ලෙන්ගතුයි.
ජනපති ආර්. ප්‍රේමදාසට වඩා අගමැති ආර්. ප්‍රේමදාසට මම අදටත් ආදරෙයි. සැබෑ ප්‍රායෝගික නායකයෙකුවූ එතුමා ගැන මේ වගේ කෙටි සටහනකින් ලියා නිම කරන්නට බැහැ.
අදටත් කතරගම ඇතුළු ලංකාවේ බොහෝ පූජනීය ස්ථානවල එතුමා විසින් සිදු කරනු ලැබූ සංවර්ධන කටයුතු වලට පසු කිසිම නායකයෙක් ඇඟට දැනෙන තරම් දෙයක් සිදු කරලා නැහැ.
මහා වගුරු බිමක් වූ මාළිගාවත්ත, විසල් මහල් නිවාස සංකීර්ණයක් බවට පත් කළේත්, කෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය නිර්මාණය යථාර්තයක් බවට පත් වුනේත් අපේ ඇස් ඉදිරිපිටමයි.
එතුමා මට මුළින්ම මුණ ගැසුණු ආමර් වීදිය මංසන්දියේම එතුමා අවසන් ගමන් ගිය අනපේක්ෂිත මොහොත මගේ ජීවිතය නැවතුනු තවත් එක් අවස්ථාවක්. තවමත් හිතාගන්නට වත් බැරි සිහිනයක්.
මේ සටහන නිමා කරන්නේ ඒ නැවතුනු හද ගැස්ම ආයෙත් දැනෙන්නට පටන් ගත් හින්දාමයි.
කවුරුන් කෙසේ කොහොම කිව්වත්. ප්‍රේමදාස මැතිතුමා ජාතියට පහළ වූ විශිෂ්ඨතම නායකයෙක්.
අසාමාන්‍ය මිනිසෙක්.
දුප්පතුන් වෙනුවෙන් මහා විප්ලවයක් කළ විප්ලව වාදියෙක්.
මගේ ලෝකයට නම් ඔහු මහා වීරයෙක්.
අදට එතුමා අභාවප්‍රාප්ත වී වසර 19 ක්.
මව්බිමට යන සෑම වාරයකම ආමර් වීදිය පොලීසිය ඉදිරිපිට ප්‍රේමදාස ස්මාරකය ස්පර්ෂ කර එතුමාට ආචාර කරන්නට මා පුරුදුව සිටින්නේ මා කුඩා කළ දුටු ඒ විශිෂ්ඨ මිනිසාට, නායකයාට අදටත් මා හිත තුළ ඇති ආදරය ගෞරවය නිසාමයි.
පෙම්දස් මැතිඳුනි, ඔබ අප හදවත් තුල සදා අමරණීයයි.
ඔබතුමා ට අති උතුම් වූ අමා මහ නිවන් සුව අත්වේවා...!
~~ සුදේශ් කරුණාතිලක ~~
2012 මැයි 01 වෙනිදා
එදවස මම එතුමාට බොහෝ සේ ඇළුම් කළෙමි.ආදරය කළෙමි.

Monday, April 23, 2012
උප නූපන් කිසිම ආත්මයක,ඔබට මෙවන් අකල් මරණ උදා නොවේවා..!!
ඔබට මෙවන් අකල් මරණ උදා නොවේවා..!!
-------------------------------------------------------------------------
පසුගිය වසරේ දෙසැම්බර් අට වෙනිදා අපේ ආදර 'සතියා' ගේ මේ ජායාරූපය මම ගත්තේ ඔහු වෙනුවෙන්ම බහරේන් හී මා සංවිධානය කළ 'මිහිරැති වසන්ත කාළේ' සංගීත ප්‍රසංගයේදීයි.
එදා ඔහු හා සමඟින් අප රසවත් කළේ චලක චමුපති පෙරේරා යි.
ප්‍රසංගය සඳහා මෙහි පැමිණි අපේ පරණ යාළුවෝ දෙන්නා (සතියා සහ චමූ) සතියකට ආසන්න කාළයක් අපිත්තෙක්ක රැඳිලා හිටියා. ඒ දවස් හරිම සුන්දරයි.
ඊට වඩා සුන්දරයි අපේ ළමා කාළේ. මාලිගාවත්ත මහල් නිවාස වල එකම ළඟ නිවෙස් දෙකක ජීවත් වුනු සතියා- චමූ සෙට් එක බලන්න අපි සමහර දාට ඉස්කෝලේ ඇරිලා මාලිගාවත්තෙ පිට්ටනිය ළඟින් ස්කූල් බස් එකෙන් බැහැ ගන්නවා.
හවස් වනතුරු සතියගෙ මාලිගාවත්තෙ ෆැල්ට් එකේ සොෆ්ට් බෝල් ගැන්සිය එක්ක ක්‍රිකට් ගහලා ගෙදර යන්නේ නාවර පෙරා ගෙන.
සතියගෙ අම්මා සශී ඇන්ටි හරි චමූ ගේ අම්මා කළ්‍යාණි ඇන්ටි හරි අපිව හොයා ගෙන ඇවිත් කැගහනකම් සමහර දවස්වලට අපේ ජාත්‍යන්තර ක්‍රිකට් මැච් පැවැත්වෙනවා.
ඒ සුන්දර අතීත සටහන් හීනයක් වගේ එකිනෙක හිතට නැගුණේ අද මහ පාන්දර සතියාගේ හදිසි මරණය පිළිබඳ පුවත කණ වැටුනාට පස්සේ.
ඔහු මේ තරම් ඉක්මනින් අප හැර යයි කියා මොහොතකට වත් මට හිතුණේ නෑ.
මීට මාස එකහමාරකට පෙර ලියුකේමියා රෝගය වැළඳීම හේතුවෙන් සතියා රෝහල් ගත කළ පුවත දැන ගත් මොහොතේ පටන් විස්සෝපයෙන් යුතුව ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළා.
නමුත් අවසානයේ අපි කිසිවෙකුටත් සතියා බේරා ගන්නට හැකි වූයේ නැහැ.
රුදුරු මරුවා අද හිමිදිරියේ ඔහුව අපෙන් සොරා ගත්තා.
අයේ කවදාවත් අපිට සතියා මුණ ගැහෙන එකක් නැහැ.
ඒ කොහොම වුනත් තවත් වසර ගණනාවකට ඔහුගේ ලයාන්විත කටහඬ අපට ඇසේවි. සොඳුරු මිතුරෙකුගේ මතකය අප හද තුළ රැඳී තියේවි.
ආදරණීය සතියා,
ඔබට නිවන් සුව අත්වේවා..!
සංසාරයේ කවදා හරි ඔබ අපි යළි හමුවේවා..!
උප නූපන් කිසිම ආත්මයක ඔබට මෙවන් අකල් මරණ උදා නොවේවා..!!
~ සුදේශ් කරුණාතිලක ~
( 23 - 04 -2012)
Wednesday, April 18, 2012
අද අපිට පායපු සෞම්‍ය හිරු දෙවියෝ
මැද පෙරදිගට පායන හිරු බොහොම ප්‍රචණ්ඩයි.
සමහර කාලවල සෙන්ටිග්‍රේඩ් අංශක 50 - 55 තරමට මේ රටවල උෂ්ණත්වය ඉහළ යනවා.
අප්‍රේල් මාසය කියන්නේ සීත සෘතුවෙන් ග්‍රීෂ්ම සෘතුවට මාරුවෙන සංක්‍රාන්ති සමයයි.
මේ අද උදෑසන හතට පමණ මම දැකපු සෞම්‍ය හිරු.
කාළෙකට පස්සේ හිරු දිහා පියවි ඇසින් බලන්නට පුළුවන් තරමට සෞම්‍ය වෙලා තිබුණා.
ඊයේ සිට පැවතුණු දූවිලි සහිත අයහපත් කාළගුණය තවම මඟ හැරී නැහැ.
එළියේ වැඩ කරන අපිට නම් මේ දූවිළි කාලා, දූවිළි නාලා හොඳට හුරුයි. හැබැයි ඉක්මනින් අසනීප වෙන්න නම් කියාපු මඟ.
කොහොම නමුත් ඔබ එක්ක මේ සොඳුරු දසුන බෙදා හදා ගන්නට හිතුනා.
ජායරූප ටිකක් බොඳ වෙලා තියෙන්නේ දූවිල්ල හින්දයි.
බලන්න අද අපිට පායපු සෞම්‍ය හිරු දෙවියෝ
~ සුදේශ් කරුණාතිලක ~
2012 අප්‍රේල් 18 වෙනිදා
Subscribe: http://www.facebook.com/sudeshbahrain#!/sudeshbahrain
Thursday, April 12, 2012
අපිරිමිත සෙනෙහසකින් ඔබට පිදෙන අළුත් අවුරුදු පැතුම්..!!

-------------------------------------------------------------
රටට ආදරේ කරන,
රට ගැන ආදරයෙන් සිතන,
උපන් කැක්කුමකින් රටට වැඩ කරන, විදේශ ගත ශ්‍රී ලාංකික සැමටත්,
------------------------------
රටට ආදරේ කරන,
රට ගැන ආදරයෙන් සිතන,
උපන් කැක්කුමකින් රටට වැඩ කරන,
අන්තර් ජාලයේ සැරි සරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික සහෘදයින්ටත්,
ශ්‍රී ලාංකික සැමටත්,
බත, බුලතින් සපිරුණු,
ඉසුරුබර නව වසරක් වේවා...!!
උදාවෙන අළුත් අවුරුද්දේ මුළු හදින්ම අළුත් වී
මව්පියන්, ගුරු දෙගුරුන්ට ගරු කරන,
යහපත උදෙසාම කටයුතු කරන වෙහෙසෙන,
ආගමට දහමට ලැදි,
පින් සිතුවිලි පමණක්ම පහලවෙන,
යහපත් වූ මනසක් ඔබට උදාවේවා...!
ආයු බල සැප ඇති නීරෝගිමත් ඉසුරුබර හෙට දවසක් ඔබට උදා වේවා..!!
සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා..!!
~ සුදේශ් කරුණාතිලක ~
Subscribe to:
Posts (Atom)