දොහොත් මුදුන් තබා මෙන්න - වඳිමි මව්නි පව් අරින්න
----------------------------------------------
අද, 2012 මැයි 13 වන ඉරිදා ලෝක අම්මාවරුන්ගේ දිනයයි.
ලෝක ලමා දිනය, ලෝක කම්කරු දිනය ආදී වශයෙන් සම්මතව තිබෙන දින අතරට වසරේ සෑම මැයි මාසයකම දෙවෙනි සතියේ ඉරිදා වෙන් කොට තිබෙන්නේ ලෝක අම්මාවරුන්ගේ දිනය හැටියටයි.
ශ්‍රී ලාංකික අපිට නම් හැම දවසක් ම අම්මාවරුන්ගේ පියවරුන්ගේ දින තමයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දේශණා වල සඳහන් වන්නේ ගෙදර බුදුන් අම්මා කියලයි.
අම්මා කෙනෙක් දරුවෙක් හදන්නට පටන් ගන්නේ දරුවා ඉපදෙන්නට මාස ගණනකටත් කළින්.

දරුවෙකු පිළිසිඳ ගත් බව දැනගත් මොහොතේ පටන් ඇගේ පෞද්ගලිකත්වය නැතිවෙනවා. ඇය උපදින්නට සිටින දරුවාටම කැප වෙන පොදු වස්තුවක් බවට පත් වෙනවා.
කන කෑමක, බොන බීමක මෙන්ම ඇගේ ඇවතුම් පැවතුම් පවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
පෙරසේ නිදහසේ නිදන්නට පවා ඇයට ඉඩක් ලැබෙන්නේ නැහැ.
දරුවෙක් උපදින්නට පෙර ඉඳන්ම දුක් විඳින්නට පුරුදු වෙන ඇය, ලොව ජීවියෙකුට දරන්නට තියෙන ඉහලම වේදනාව වන ප්‍රසූත වේදනාවෙන් සැනසුම් සුසුම් හෙළන්නේ ඇගේ කුසින් මෙළොවට බිහිවුනු කිරි කැටියා සුන්දර මුහුණ දැක්කට පස්සේ.
එදා ඉඳන් ඒ නොදරු කිරි කැටියා ළදරුවෙක් වෙන තුරු, ළදරුවා දරුවෙක් වෙනතුරු, දරුවා යව්වනයෙක් වෙනතුරු, ඉන්පස්සේ ආවාහ විවාහ වනතුරු, ඊටත් පස්සේ දරුවන්ගේ දරුවනුත් ලොකු මහත් කරන තුරු අපේ අම්මාවරුන්ගේ දුක් විඳීම නවතින්නේ නැහැ.
මේක හරියට සංසාර චක්කරේ වගේ.
මෙහෙම දුක් විඳින අම්මා වරුන් වෙනුවෙන් වසරකට එක් දවසක් පමණක් වෙන්කිරීම බටහිර සංස්කෘතික සිරිත් අනුගමනය කරන අයට විශේෂයක් වුනාට අපට නම් පේන්නේ අම්මා වරුන්ට කරන මහා ලොකු අපහාසයක් හැටියටයි.
කොහොම වුනත් අම්මා තාත්තා අමතක කරලා ජීවත් වෙන දූ පුතුන්ට අද ලෝක අම්මාවරුන්ගේ දිනය දවසේ වත් ඇස් ඇරේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අනාගතේ තමන්ගේ දරුවන්ගෙන් ගරු සැලකිළි ලබා ගන්න පෙරුම් පුරන අය තමන්ගේ අම්මා තාත්තාට හරියට සලකනවද, බලාගන්නවද කියලා හිතල බලන්නට හොඳම දවසයි අද.
සමහර විටෙක මහ ලොකු භෞතික සැප සම්පත් වලට වඩා දෙම්ව්පියන්ට ඔබ කරුණාවෙන් කතා කරන එක වචනයක් වුනත් සෑහෙනවා.
ජීවිතේ අතරමඟදී අහම්බෙන් හමුවෙච්ච, ඔබ ආදරේ කරන අයට දක්වන ආදරය, කරුණාව, සැලකිළි වලින් බිඳක් තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් දක්වන්න පුතෙකුට හැකිනම් ඔහු රජෙක් තමයි.
ආදර වන්තිය, බිරිඳ ඉස්සරහ දණ ගහන සමහර පුත්තු තමන්ගේ අම්ම ඉස්සරහ හැසිරෙන්නේ හරියට නරුමයින් වගේ. එවැනි පුත්තුන්ට යන්න නම් අපායේ වෙනම නරකාදියක් තියෙන්නටම ඕනේ.
ජායාරූපයේ ඉන්නේ මගේ අම්මා. මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා. අදටත් මා වෙනුවෙන් වෙහෙසෙන, මගේ දුකේදී දුක් වෙන, මගේ සැපේදී මා හා සතුටු වෙන අම්මා.
ඇය ගැන වගේම, මේ ලෝකයේ සුවහසක් මව්වරු පියවරු ගැන ලියන්නට පිටු කීයක් ලියන්නද පෙළ ගසන්නද.
පුංචි කාලේ අම්මට වඳින ගාථාව කියල වැඳලා, පස්ස උඩ දාගෙන කියපු මේ ලස්සන කවි පද දෙකෙන් මට කියන්නට ඇවැසි දේ කෙටියෙන් කියා මේ සටහන නිමා කරනවා..
ආදරණීය අම්මේ, සංසාරේ කවදාකවත් ඔබට ඇති ණය ගෙවා නිම කරන්නට මට ඉඩක් ලැබෙන එකක් නැහැ.
ඔබ ජීවිතය නොදෙන්නට මම තවමත් ගන්දබ්බයෙක් නොවෙද..?
ඔබේ ආදරය, සෙනෙහස නොවන්නට මම කියලා කෙනෙක් කොහෙද..?
ඔබට නිදුක් නීරෝගී සම්පත් සමඟ දිගාසිරි වේවා..!
සංසාරේ කවදාක හෝ ඔබට බුදුන් දකින්නට පින් පිරේවා...!

"දිනේ පටන් මා උපන්න - මව් විඳි දුක් බැරි කියන්න.
දොහොත් මුදුන් තබා මෙන්න - වඳිමි මව්නි පව් අරින්න
අඬන කලට මා නලවා -ආදරයෙන් නිදි කෙරුවා
කැත කුණු මගෙ අත ගෑවා - මව්තුමි ඔබ බුදුවේවා.."
~~ සුදේශ් කරුණාතිලක ~~
(2012 මැයි 13 වෙනි ඉරිදා)
කොච්චර කරලත් ඒ පව් ගෙවන්න නම් ආත්ම ගානකදිත් බැරිවෙයි..
ReplyDeleteමම දැන් අම්මයි තාත්තයි මා ළඟට අරගෙන ඉන්නේ... ඒ දෙන්නව සතුටින් තියන්න ගොඩක් උත්සහ කරද්දි මගෙ දූල දෙන්න මාව සන්තෝෂ කරන්න හදනවා.. ලොකු දූනම් කටින් පිටකරන්නෙ නෑ.. ඒත් පොඩි එකී... තාම අව්රුදු හතයිනෙ.. "මම ලොකු උනාම අම්මටයි තාත්තටයි කවනවා නාවනවා" කියනවා.. :)
ඔබේ අම්මාට ලෙඩ නැති සුව දිවියකට ආසිරි පතනවා!!
ඔබට බොහොමත්ම පින් තනෝජා....
Deleteමහ ලොකු දෙයක් ඕනි නැහැ. අම්ම තාත්තගෙ හිත් රිද්දන්නෙ නැතිව අපිට ඉන්න පුළුවන් කමක් තියේ නම් ඒකත් ලොකුම ලොකු පිනක් නේද..?
ඔව් ඇත්තටම... ඒත් අමාරුම දේත් ඒක තමා.. වයසට යද්දි නාකි දණගානවා කියන්නෙ නිකමට නෙමේ.. පුදුම ඉක්මනින් හිත් රිදෝගන්නවා ඒ අය... අපිත් එහෙම වේවි දවසක.. :)
Delete