Wednesday, April 11, 2012

සැමට තිසරණ සරණේ රැකවරණය ලැබේවා...!

මෙලොව කිසිදු ප්‍රාණියෙකුගේ ජීවිතයට කිසිදු හානියක් නොවේවා...!

by Sudesh Karunathilake on Wednesday, April 11, 2012 at 2:01pm ·

තවත් සුනාමියක් පිළිබඳ භයානක අනතුරු හැඟවීමක් ලැබී තිබේ. සුළු භූමි කම්පාව ඇඟට දැනුනු හිතට දැනුනු බොහෝ පිරිසක් මා වෙත ඔවුන්ගේ අළුත් අත්දැකීම පවසා සිටියේ මහත් භීතියෙනි.
මේ සංක්‍රාන්ති සමයේ හීනෙකින් වත් හිතන්නේ නැති බොහෝ දේ සිදුවිය හැකිය.
සටහන ඉතාම කෙටියෙන් අවසන් කරන්නේ මෙය ඉතාමත් හදිසි ආපදාකාරී තත්වයක් නිසාය.
සාරාසංඛ්‍යෙය කල්ප ගණනක් පෙරුම් පුරා උතුම් වූ ලොව්තුරා බුද්ධත්වයට පත්වූ අප මහා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධානු භාවයෙන්, දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන්, මේ ඇතිවී තිබෙන සුනාමි ආපදා තත්වය හේතුවෙන් මෙලොව කිසිදු ප්‍රාණියෙකුගේ ජීවිතයට කිසිදු හානියක් නොවේවා...!
සැමට තිසරණ සරණේ රැකවරණය ලැබේවා...!
~සුදේශ් කරුණාතිලක~

4 comments:

  1. මේ පිවිතුරු ප්‍රාර්ථනාව මල්ඵල ගැනුණු අරුමය අපි අලුත් අවුරුද්ද සමරමින් භුක්ති විඳිමු.ඔබේ සියලු කාර්යයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!!!!
    parameepura.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔබට ඉතාමත්ම ස්තූතියි නිලූ.
      බ්ලොග් කලාවේ කෝඩුකාර මට පළමු නියත විවරණය ලැබුණේ ඔබෙන්.
      ඔබට ත් සුභ නව වසරක් වේවා..!!

      Delete
  2. සුදේශ් අයියා, වල්මත් වූ වත්මන් සමාජය යහ මගට ගන්නට ඔබ ගන්නා උත්සාහය විශිෂ්ඨයි. ඔබට අපෙන් සුභපැතුම්!!! අද සිදුවීම ඔබගේ වෙබ් පිටුවෙන් දැනගත් විගස ...උතුම් බුද්ධානු භාව බලයෙන් කිසිවෙකුටත් කිසිදු විපතක් සිදුනොම වේවා!!!
    "සියළු සතුන් ලොව සුවපත් වේවා"!!! සාදු..! සාදු..!! සාදු..!!!...යනුවෙන් සටහනක් තබා තවත් වැදගත් පණිවිඩයක් සටහන් කලත් එය ඔබගේ මුහුණුපොතේ පිටුවට එක්කිරීමට මදක් ප්රමාද කලෙමි. එහෙත් මනසින් මා එසේ සටහන් තැබූ දෑ අනුව මනසින් අධිශ්ඨාන යක් කලෙමි. ආපදා තත්වය දැන් පහව ඇති බැවින්, බොහෝ දෙනාගේ යහපත පිණිස සමාජයට යම් පණිවුඩයක් දිය හැකි යයි සිතන බැවින් ඔබගේ නවතම 'ඇසි දිසි' සාර සංග්රහය තුළින් එය මෙසේ ඉදිරිපත් කරමි….

    … අප මේ පසුවන්නේ "කාල විපත්ති" බහුල යුගයකයි. යම්කිසි රටක, යම්කිසි ප්රදේශයක පාලකයන්, ජනතාව ධර්මයෙන් ඈත්වී නානාවිධ පාප ක්රියා වල යෙදෙන විට ස්වාභාවික විපත් වලට ලක්වීමේ ඇති හැකියාව වැඩියි. ගතවූ කාලය තුළ අපගේ මේ ධර්මද්වීපයේ සිදුවූ සිදුවීම් කෙතරම් හද කම්පාකරවන සුළු ඒවාදැයි කිසිවෙකුටත් අමුතුවෙන් මතක්කරදිය යුතු නැතැයි සිතමි. පසුගිය සුනාමි ඛේදවාචකයෙන් (2004) පසු යම් පමණකට ජනතව ධර්මය ගැන සිතන්නට වූවත් පාලකයාගේ සිට පාලිතයා දක්වා "ධර්මානුකූල ජීවිතයක්" සඳහා වන ප්රතිපත්තියක් මේ දක්වා දක්නට නොමැත. දිනෙන් දිනම දූෂණ, වංචා, සොරකම්, බාලාපචාර, ස්ත්රී දූෂණ, ඝාතන රජකරයි. නීතිය වල්වැදී ඇත. මෙවන් ස්වභාවික විපත් මගින්ද සමාජයට දෙන වැදගත් පණිවිඩය දැන් වත් සියළුදෙනා වටහාගෙන ධර්මානුකූලව කටයුතු කරත්වා!!! එසේ වූ විට "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" යන උතුම් බුද්ධ වචනයට අනුව "ධර්මය රකින්නා ඒ උතුම් ශ්රී සද්ධර්මය තුළින්ම රැකදේ" වි. අප තිලෝගුරු භාග්යවත් සම්මා සම්බුදුරදාණන් වහන්සේගේ ශ්රී මුඛයෙන් දේශිත ඒ මහා ධර්මස්කන්ධය ස්පර්ශකලා වූ ශ්රී දළදා වහන්සේ වැඩසිටින්නේද, අකු ධාතූන් වහන්සේ, ශ්රීවා ධාතූන් වහන්සේ, ලලාඨ ධාතූන් වහන්සේ ඇතුළු තවත් ධාතූන් වහන්සේලා වැඩසිටින්නේ අපගේ සිංහල ද්වීපයේ බව සත්යයි! ඒ සත්යානුභාවයෙන්, උතුම් බුද්ධානු භාව බලයෙන් කිසිවෙකුටත් කිසිදු විපතක් සිදුනොම වේවා!!! ඒ අප තිලෝගුරු භාග්යවත් සම්මා සම්බුදුරදාණන් වහන්සේ පිටදී බුදුවී වදාළ ජයශ්රී මහා බෝ සමිඳුන් ගෙන් පැවත එන ජයශ්රී මහා බෝ සමිඳුන් වැඩසිටින්නේ අපගේ සිංහල ද්වීපයේ බව සත්යයි! ඒ සත්යානුභාවයෙන්, උතුම් බුද්ධානු භාව බලයෙන් කිසිවෙකුටත් කිසිදු විපතක් සිදුනොම වේවා!!! වැඩසිටින්නේ අපගේ සිංහල ද්වීපයේ බව සත්යයි! ඒ සත්යානුභාවයෙන්, උතුම් බුද්ධානු භාව බලයෙන් කිසිවෙකුටත් කිසිදු විපතක් සිදුනොම වේවා!!! එදා මෙදා තුර දහස් ගණනින් මහ රහතන් වහන්සේලා බිහිවූ අපේ මේ පින් බිමෙහි දැනටත් මහ රහතන් වහන්සේලා ඇතුළු මාර්ග ඵල ලාභී උතුමන් බොහෝ ගණනක් අප්රකටව සිටිනවා සතයයි. ඒ සත්යානුභාවයෙන්, ඒ උතුමන් වහන්සේලාගේ සීලානු භාව බලයෙන් කිසිවෙකුටත් කිසිදු විපතක් සිදුනොම වේවා!!! අපේ සතරවරම් දෙවියන්; කතරගම දෙවියෝ, ශ්රී සුමන සමන් දෙවියෝ, විෂ්ණු දෙවියෝ, විභිෂණ දෙවියෝ අපගේ පින් අනුමෝදන්වී අපේ මේ සිංහල ද්වීපයත්, ජනතාවත් සියළු විපත් වලින් රැක දෙත්වා!!!
    "සබ්බේ සත්තා භවන්තු සුඛි තත්ථා"
    "සියළු සතුන් ලොව සුවපත් වේවා"!!!
    සාදු..! සාදු..!! සාදු..!!!

    ReplyDelete
    Replies
    1. සමන්ත මල්ලී ඔබට බොහොමත්ම පින්..
      මේ ආරංචිය සවන් වැටුණු මොහොතේ පටන් පුළුවන් විදියට අපේ හිතවතුන් දැනුවත් කරන්නට උත්සහ කළා.
      හිත පුරා රැඳී තිබූ එකම ප්‍රාර්ථනය සිංහල අවුරුද්දේ අපිට නපුරක් සිදු වෙන්න එපා කියන එකම තමා.
      මොන තරම් දුක් කන්දරාවක් හිතේ තියා ගෙන උනත් අවුරුදු කන්න සැරසෙන අපේ අහිංසකයින්ගේ ප්‍රාර්ථනා මුහුදට හේදෙන්න ඉඩ දෙන්න එපා කියන එක විතරයි.
      අපේ පැතුම් ඉටුවුනා දැන් අපිට නිදහසේ අවුරුදු සමරන්නට පුළුවනි.
      ඔබටත් තෙරුවන් සරණයි..!

      Delete